වත්මන් ආණ්ඩුව සිසුන් සමග ඔනෑම අවස්ථාවක සාකච්ඡාකිරීමට සුදානම් බවත් එමනිසාවෙන් පෙළපාලී යාමට අවශ්‍ය නොවන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(28දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකළේය.
ඊයේ(27දා) උද්ගෝෂණයේ යෙදුන සිසුන්හට තමා සමග සාකච්ඡාකිරීමට පැමිණෙන ලෙස දැනුම්දුන්නද කිසිදු සිසුවෙකු ඒසඳහා නොපැමිණි බවත් තමා දවස පුරාවට පාර්ලිමේන්තුවේ රැදීසිටිබවත් අමාත්‍යවරයා කීය. අපි ඇවිත් ඉන්නේ සිසුන් බලාගන්න. ඔනෑම අවස්ථාවක අපි සුදානම් සිසුන් එක්ක කථානරන්න. පෙළපාලී යන්න අවශ්‍ය නැහැ. සාකච්ඡා කරන්න යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.