තම අමාත්‍යාංශය අකාර්යක්ෂම අමාත්‍යාංශයක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එම අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය අද (23දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර, එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පිළිගත්තේය.
එමෙන්ම මෙවර අයවැයෙන් අමාත්‍යාංශය සඳහා මුදල් අඩුකිරීම පිළිබඳ මුදල් අමාත්‍යවරයාට ස්තූති කළ රංගෙ බංඩාර මහතා සිය අමාත්‍යාංශය මේ වසර තුළ මුදල් යොදවමින් වැඩකර ඇත්තේ 15%ක් පමණ ප්‍රමාණයක් බවද පැවසීය.