2011 අංක 11 දරණ විදුලි සංදේශන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් මේ වසරේ අප්‍රේල් මාසයේ සිට යළිත් වරක් දුරකථන බිල් ගෙවීමට මහජනයාට සිදුවන බව මහජන එක්සත් පෙරමුණ පෙන්වා දෙයි.
තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී අද (16දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවත්, ව්‍යවස්ථාවත්, නීති පද්ධතියත් නොසලකා හරිමින් නීතිවිරෝධී ලෙස මහජනයාගෙන් බදු අය කරගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
මෙම පනත මගින් මහජනයාට අවාසියක් වනවාද නැද්ද කියා කථානායක සහ නීතිපතිවරයා කරුණු දැක්විය යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
අප්‍රේල් මාසයේ සිට මේ දක්වා දුරකථන බිල් ගෙවා ඇති පාරිභෝගිකයන්ට යළිත් වරක් අප්‍රේල් මාසයේ සිට එවැනිම මුදලක් රජයට අය කරගැනීමේ සූදානමක් තිබෙන බවත්, එය නීතිවිරෝධී බවත් එම පක්ෂය පවසයි.