දින 100 වැඩපිළිවෙල සාර්ථකවීමෙන් අනතුරුව අප්‍රේල් මස 23දා පාර්ලිමේන්තුව විසුරුවාහරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මහනුවර පුෂ්පදාන ශාලාවේදී එජාප පාක්ෂිකයින් හමුවේ අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ඊයේ (31දා) ප්‍රකාශ කළේය.
එසේම මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය වැඩි ආසන ප්‍රමාණයක් දිනාගත්තත් පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් බවද හෙතෙම සඳහන් කළේය.