නව පාසල් වාරය ආරම්භවීමට පෙර දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට සියලු පාසල් දැනුවත් කර තිබේ.
ඒ අනුව ගුරුවරුන්, මාපියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ලබන 22 වැනිදා දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් එම තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබේ.