අප්‍රිකානු ආර්ථික හා සංවර්ධන සංගමයේ සභාපති, හිටපු ජපන් නියෝජ්‍ය විදේශ අමාත්‍ය තෙත්සිරෝ යානෝ මහතා ඇතුළු ජපන් නියෝජිත පිරිසක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී මුණ ගැසිනි.
මෙහිදී අප්‍රිකානු ආර්ථික හා සංවර්ධන සංගමයේ සභාපති, හිටපු ජපන් නියෝජ්‍ය විදේශ අමාත්‍ය තෙත්සිරෝ යානෝ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව මිත්‍ර රාජ්‍යයක් ලෙස ජපානය සමඟ දීර්ඝ කාලයක් පුරා සුහදව කටයුතු කර ඇති බවයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ජපානය මෙරට සංවර්ධන කටයුතු සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ලබාදෙන සහාය අගය කරන බව පැවසීය. දෙරට අතර විදේශ සබඳතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරියටත් ජපන් රජයේ සහාය අපේක්ෂා කරන බවද පැවසීය. පසුගියදා ජපන් අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතා මෙරටට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවති සබඳතා තවදුරටත් ශක්තිමත්වී ඇති බව හිටපු ජපන් නියෝජ්‍ය විදේශ අමාත්‍ය තෙත්සිරෝ යානෝ මහතා මෙහිදී පෙන්වාදුනි. ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජපානය සහාය ලබාදෙන බව හිටපු ජපන් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.