වස විස නැති රටක් වෙත පියනැගීමේ ජාතික වැඩපිළිවෙල එළිදැක්වීම අද(07) දිනයේ දී කොළඹ බණ්ඩාරනායක අනුශ්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙණි.
මෙම සැලැස්ම අනුව වසර තුනක් ඇතුළත කෘෂිරසායනිකයන්ගෙන් ඈත්වීමද අන්තර්ගතය. මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුයේ කාලයක් පුරාවට ගොවිජනතාව පවත්වාගෙන ආ ක්‍රමවේදය ආපසු හැරවීම අපහසු කාරණයක් උවද එසේ කළ යුතුනම් අපහසුවෙන් හෝ එය සිදුකළ යුතු බවය.
ඒ සදහා රජය තබන මෙම පියවර සාර්ථකකරගැනීම සියල්ලන්ගේම වගකීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඡයාරූප - ශමීර රාජපක්ෂ