මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීමෙන් අනතුරුව 9 වැනිදා පිහිටුවන ආණ්ඩුවෙන් පසුව 11වැනිදා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවැසුවාය.
"ආණ්ඩුවේ සිටින මිනීමරුවන්, මංකොල්ලකරුවන්, කුඩු කාරයින් ඇතුළු අපරාධකරුවන් 11 වැනිදා නීතිය හමුවට ගේනවා" යැයි ඇය පැවැසුවාය.
මාතර දෙවිනුවර පොදු විපක්ෂයේ මැතිවරණ වේදිකාව අමතමින් ඇය මෙම අදහස් දැක්වූවාය.