රට තුළ වත්මනයේ පවතින අපරාධ රැල්ල මර්දනය කිරීමට රජයට කිසිදු වුවමනාවක් නැතැයිද සිය පාලනය කාලය තුළ අපරාධ රැල්ල මැඩ පැවැත්වූ බවද හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
ඊයේ (05දා) හතරලියද්දෙ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අපරාධ රැල්ල මර්දනය කරන්න මේ අයට කිසිම වුවමනාවක් නෑ. මේව අපේ කාලෙ මර්දනය කරල තිබුණේ. දැන් හැම තැනම කුඩු පිරිල, අද මත් කුඩු බොහොම ලාභෙට තියෙනව. ඒව ගම් වලටත් ඇවිල්ල අපේ දරුවන්ට ලොකු ප්රශ්නයක්. අද සමාඡය පිරිහෙමින් තිබෙනව”