රටතුළ පවතින අපරාධ රැල්ල නිමා නොකිරීමට ජනතාව කටයුතු නොකරන්නේ නම් එය නැවැත්වීම සඳහා එල්ලුම්ගහ වුවද ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
අද (03දා) මහනුවර දළඳා මාළිගාවට පැමිණ මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් හමුවිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.