අඳුරෙන් එළියට ආ යුතු යුගය පැමිණ තිබෙන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා කිලිනොච්චියේදී පැවැසීය.
සන්ධානයේ ප්රචාරක රැස්වීමක් අමතමින් අද (18දා) පස්වරුවේදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
"මම ඔබට විදුලිය දුන්නේ කළුවරේ ඉන්න නෙමෙයි. ඔබ අඳුරෙන් එළියට ආ යුතු යුගය ඇවිත් තියෙනවා. අවුරුදු 30ක් අඳුරේ හිටියා.ඒ යුගය අමතක කළ යුතුයි. වෛරය පතුරවන්න ලේසියි. ජාතිවාදය, ආගම්වාදය පතුරවන්න ලේසියි. ඒ පතුරුවන අයගේ දරුවන් ඉන්නේ එංගලන්තයේ හෝ කැනඩාවේ. රට හදන්න රටක් වශයෙන් අපි අත්වැල් බැඳගෙන කටයුතු කරන්න සූදානම් වෙමු යැයි මම ද්‍රවිඩ නායකයන්ට යෝජනා කරනවා."