පොසොන් උත්සවය නිමිතිකරගෙන මිහින්තලා වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් අනුරාධපුරය හා මිහින්තලය අතර නොමිලයේ දුම්රිය ධාවන කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ජුනි මස 01 ,02,03 තෙදින තුලඅනුරාධපුරය හා මිහින්තලය අතර විශේෂ දුම්රිය වාර 70 ධාවනයට සැලසුම්කර තිබේ.
ඔනැම දුම්රිය ස්ථානයකින් අනුරාධපුරයට නිකුත්කරන ලද දුම්රිය ප්රවේශ පත්රයක් හෝ අනුරාධපුර මිහින්තලය දුම්රිය ස්ථානවලින් නොමිලයේ නිකුත්කරනු ලබන විශේෂ ප්රවේශපත්ර මගින් මෙලෙස දුම්රිය හරහා ගමන්කිරීමට හැකියාව ලැබෙනබව දුම්රිය වානිජ අධිකාරී ජී.ඩබ්.එස්.සිසිර කුමාර මහතා පැවසීය