2007 වසරේදී අනුරාධපුර පිහිටි ශ්රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරට ත්රස්තවාදීන් විසින් ගුවනින් හා ගොඩබිමින් එල්ල කළ මරාගෙන මැරෙන ප්රහාරයෙන් රජයට රුපියල් කෝටි 400 ක පමණ අනර්ථයක් සිදුකර ඇතැයි පසුගියදා අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී අනාවරණය විය. අනුරාධපුර පිහිටි ශ්රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරට 2007 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වැනිදා අලුයම මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් ගුවනින් හා ගොඩබිමින් එල්ල කළ ප්රහාරයෙන් රජයට රුපියල් කෝටි 400 ක පමණ අලාභයක් සිදු වූ බව අධිකරණයේදී අනාවරණය විය.
එම ප්රහාරයෙන් බෙල් 212, එම්.අයි. 24 ඇතුළු ප්රහාරක හා මගී ප්රවාහන ගුවන් යානා 16කට හා රජයේ දේපළ රැසකට අලාභහානි සිදුවිය. ගුවන් යානා හයක් ප්රහාරයෙන් ගිනිගෙන මුළුමනින්ම විනාශයට පත් වූ අතර, ගුවන් පථයේ නවතා තිබූ තවත් ගුවන් යානා 10 ක් නැවත භාවිතයට ගත නොහැකි අයුරින් අර්ධ හානි සිදුවිය.
ප්රහාරය සිදුවන අවස්ථාවේ ත්රස්තයන්ට ප්රහාර එල්ලකර කඳවුර සතුරු ග්රහණයෙන් මුදවාගැනීමට වවුනියාවේ සිට අනුරාධපුර කඳවුර දෙසට පියාසර කළ බෙල් 212 වර්ගයේ ගුවන් යානයකටද ත්රස්තයන් සාලියපුර ප්රදේශයේ කැළෑවක සැඟව සිට එල්ල කළ ආර්.පී.ජි ප්රහාරයකින් එම ගුවන් යානය රඹෑව, දොරමඬලාව ප්රදේශයට කඩාවැටී විනාශ විය. එහි නියමුවා, අවිකරුවන් දෙදෙනා ඇතුළු සිවු දෙනෙකුද එම ස්ථානයේදීම මරණයට පත්විය.
මෙම ප්රහාරයෙන් ගුවන් හමුදා බලගණ නායකවරයෙකු ඇතුළු ගුවන් හමුදා සෙබළු 14 දෙනෙක් මියගියහ. යුද හමුදා විශේෂ බළකාය පසුව එල්ලකළ ප්රතිප්රහාරවලින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ (කළුකොටි) 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම ප්රහාරය මෙහෙය වූ බවට චෝදනා ලැබූ හිටපු ත්රස්තයෝ සිවු දෙනෙක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිති.