රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ගතව සිටින නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මෙම මස (16දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (2දා) නියෝග කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ටිරාන් රත්නායක මහතාගේ ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා වසීම් තාජුඩීන් භාවිත කරන ලද ණය පත් පරීක්ෂා කිරීමට මෙහිදී අවසර ලබාදුන්නේය.