දේශපාලන බලය ලබාගැනීමට සහ ලබාගත් බලය රැකගැනීම සඳහා ජාතිවාදය ඉදිරියට දමාගෙන සිදුකරන දේශපාලන පරාජයට පත්කිරීම සඳහා තරුණ පරපුර පෙරමුණ ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
තිස් අවුරුදු අනර්ථ යුද්ධය නිසා රටට අහිමි වූ මිනිස් ජීවිත ප්රමාණය දේපළ ප්රමාණය තවමත් ගණනය කරගැනීමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා කුමන හෝ කණ්ඩායම් කුමන වර්ගයේ ජාතිවාදයක් වැපිරවීමට උත්සාහ කරනවා නම් එය සහ මුලින්ම පරාජයට පත් කළ යුතු බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
තිස් අවුරුදු යුද්ධය නිසා උතුරු ප්රදේශයේ පමණක් වැන්දඹුවන් සිටින බවත්, මීට අමතරව මව පියා යන දෙදෙනාම අහිමි වූ දරුවන් 2500 කට අධික ප්රමාණයක් සිටින බවද ඒ මහතා පවසා සිටියේය.
ඊයේ (28දා) පැවැත්වූ සමාජවාදී තරුණ සංගමයේ 03 වැනි ජාතික මහා සමුළුවට සහභාගි වෙමින් පක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.