වැඩ වර්ජනයේ නිරත ආදේශක අනියම් සෞඛ්‍ය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊට අදාළව නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශ පැවසීය. ලබන මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මසකට රුපියල් දහසක දීමනාවක් සෞඛ්‍ය කාර්යය මණ්ඩල සේවකයන්ට ලබාදීම සඳහා මේ වන විටත් භාණ්ඩාගාර අනුමැතිය ලැබී ඇති බව ඊයේ ප්‍රකාශ කෙරුණාද සේවයට වාර්තා නොකර කටයුතු කරන සෞඛ්‍ය කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවකයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.