කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වන රුහුණු කුමාරි සීඝ්රගාමී දුම්රියට පැන දෙදෙනෙක් සිය දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (14දා) සවස හබරාදුව හැඩිවත්ත ප්රදේශයේදී මෙසේ දෙදෙනෙක් දුම්රියට පැන ඇත.
කුරුඳුවත්ත අහංගම පදිංචි අවුරුදු 54ක් වන නිහාල් බොතේජු හා කළුවගහවත්ත, හබරාඳුව පදිංචි අවුරුදු 28ක් වන මිකාශා දිල්හානි යන අය මෙසේ සියදිවි නසාගෙන ඇත. අනියම් සබඳතාවක් හේතුවෙන් මෙම දිවිනසාගැනීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.