මේ දිනවල පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අනිද්දා (17දා) සිට බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (15දා) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ අද දිනයේද සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි බලාපොරොත්තුවිය හැකි බවයි. එසේම වයඹ, බස්නාහිර හා සබරගමුව පළාත්වලට මිලි මීටර් 75 ඉක්මවූ තද වැසි අපෙක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.