රජය නියෝජනය කරන සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ඉල්ලා සිටින බව සන්ධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ බව හතර දෙනෙක් ඔප්පුකර පෙන්නුවා. වරප්‍රසාද, තනතුරුවලට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් පෙනී සිටින බව හා මේ රටේ පුරවැසියන් වෙනුවෙන් විපක්ෂයෙන් භූමිකාව කැමැත්තෙන් ඉටුකිරීමට කැමති බව ඔවුන් ඔප්පු කර පෙන්නුවා. අපි ඒ හතර දෙනාට ගෞරවය ප්රදානය කරමින්, ආණ්ඩුව නියේජනය කරන අනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට අපි කියන්න කැමතියි කරුණාකරලා, මෙ ඔබේ අවස්ථාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ බව ඔප්පු කර පෙන්වන්න." යැයි මන්ත්‍රීවරයා පැවැසීය.