වෙනත් පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කමිටුවක් පත්කර තිබේ.
නීතිඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන මෙම කමිටු විසින් වෙනත් පක්ෂ ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිළිබඳව තොරතුරු රැස් කිරීම සිදුවන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එහිදී මැතිවරණ ප්රචාරක වේදිකාවල සිදුකරන කතා වීඩියෝ දර්ශන ලෙස එකතු කරගැනීම සිදුවන අතර, මුද්‍රිත මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශ වෙනම එකතු කිරීම සිදුවන බවද එම පක්ෂය පෙන්වා දෙයි.
මෙලෙස එකතු කරගන්නා තොරතුරු මැතිවරණ අවසන් වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට ලබාදීමට නියමිතය.
මධ්‍යම කාරකසභාව විසින් වෙනත් පක්ෂ ප්‍රවර්ධනය කළ පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් සැලසුම් කර තිබේ.