වෙනත් ආගම් හෙළා දකින සහ ඒවාට විරුද්ධව කතා කරන අය සිදුකරන්නේ තමන්ගේ ආගමට නිග්රහයක් බවත්, අන්තවාදීන්ගෙන් කිසිදා තමන්ගේ ආගමටවත් සාධාරණයක් ඉටු නොවන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ය.
ආගම, ධර්මය නිසි ලෙස අදහන්නන් සාධාරණ මෙන්ම යුක්තිගරුක විය යුතු බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා, සෑම ආගමකම මග පෙන්වීම එය බවද පැවසීය. කුමන ආගමකට අයත් වුවත් සියලුදෙනා තමන් උපන් රටට ගරු කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වූයේ ප්රතිසංස්කරණය කරන ලද ගාල්ල, කොටුව මෙතෝදිස්ත දෙව්මැදුර ඊයේ (04දා) කි්රස්තු භක්තිකයින්ට යළි පවරා දීමේ උත්සවයට සහභාගී වෙමිනි.