මේ මස 21 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 133 වැනි අන්තර්පාර්ලිමේන්තු සැසි වාරයට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 05ක් සහභාගී වී සිටිති.
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, නි. අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බිමල් රත්නායක, රජිත් අලුවිහාරේ සහ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා යන මහත්ම මහත්මීහු එම පිරිසට අයත් වෙති.
වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය සහ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවට සහභාගී වෙති.