අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ මීළඟ සභාපති ලෙස ඉන්දියානු ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශ්රීනිවාසන් මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව මේ වසරේ ජූලි මාසයේ සිට වසර දෙකක කාලයක් ඔහු අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ඇත.
සිංගප්පූරුවේ පැවැති අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ විධායක රැස්වීමේදී ශ්රීනිවාසන් මහතා මෙසේ අයි.සී.සී. සභාපතිත්වයට පත්ව ඇත. අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ ප්රධාන පුටුවට පත්වූ තෙවැනි ඉන්දියානු ජාතිකයා ශ්රීනිවාසන්වන අතර ඔහු 11වැනි සභාපතිවරයාද වෙයි. මින් ඉදිරියට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ සභාපතිවරයා හඳුන්වන්නේ 'President' යන නම වෙනුවට 'Chairman' යන නමිනි.