අනවසර කසළ බැහැර කරන්නන් සොයා සිදු කරන වැටලීම් වලට අදාළව පසුගිය මස 29දා සිට 30දා දක්වා කාලය තුළ සිදු කළ වැටලීම් වලින් පුද්ගලයන් 266ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය අද (03දා) සඳහන් කරයි.
පොලිස් නිලධාරීන් හා යු හමුදාව සිදු කළ මෙම වැටලීම් වලදී කොළඹ උතුර - 57ක්, කොළඹ මධ්‍යම - 30ක්, කොළඹ දකුණ - 25ක්, නුගේගොඩ - 37ක්, ගල්කිස්ස - 62ක්, ගම්පහ - 34ක්, කැලණිය - 12ක්, මීගමුව - 08ක්, පානදුර - 01 වශයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළ බවද පොලීසිය පවසයි.
ඉදිරි කාලයේ ද මෙවැනි වැටලීම් සිදු කර අදාළ පුද්ගලයන්ට තදින් නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේය.