අනවසරයෙන් ඉන්දියාවේ සිට උතුරු මුහුද දෙසට යාත්රා කරමින් තිබූ යාත්රාවක් පරීක්ෂා කිරීමේදී එහි සිටි අනවසර සංක්රමණිකයන් 05 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු ඊයේ (03දා) නාවික හමුදා භාරයට ගෙන තිබේ.
කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්රදේශයේ නාවික සැතපුම් 11ක පමණ දුරකින් මෙම ඩිංගි යාත්රාව හමු වී ඇති අතර ඉන්දියාවේ සිට මෙරටට පුද්ගලයන් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ එක් ළමයෙකු නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් විසින් ඊයේ (03දා) අලුයම සිදු කළ මුරසංචාරයක් අතරතුරදී අදාළ ඩිංගි යාත්රාව ඇතුළු සංක්රමණිකයන් පිරිස හමුවී ඇති අතර ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයන් සහ ඩිංගි යාත්රාව කන්කසන්තුරෙයි පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.