පස්සර ආගරතැන්න ගම්මානයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මැණික් පතලක් වටලා එහි සේවය කළ කම්කරුවන් දොළොස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පස්සර පොලීසිය සඳහන් කරයි.
පරිසරය විනාශ වන අයුරින් බලපත්ර කොන්දේසි උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් මැණික් පතල් පවත්වාගෙන යන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්සර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිදුවීම සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.