අනවසර ගිනි අවි, රජයට භාරදීමේ වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය කියයි. ඒ සඳහා ජනතාවගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
2016 අප්‍රේල් 25 දින සිට 2016 මැයි 06 දින දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහනට තමන් සතු අවි කඩිනමින් භාරදීමට කටයුතු කරන ලෙසද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටී.
වෙන්කර තිබෙන කාලසීමාවෙන් පසුව රටපුරා අනවසර ගිනිඅවි අතදරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන අතර, රාජ්‍ය බුද්ධි අංශ සහ ජනතාවගෙන් ලැබෙන තොරතුරු උපයෝගී කරගනිමින් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය එම වැටලීම් වලට ඉදිරියේදී සක්‍රියව සම්බන්ධ වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.