දිවයිනේ ස්ථාන පහක සිදුවූ අනතුරු පහකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැය පොලීසිය පවසයි. පයාගලදී ගිලන් රථයක ගැටී යාචකයෙකු මියගොස් තිබේ. වාරියපොළදී වෑන් රියක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ කාන්තාවක් ජිවතක්ෂයට පත්ව තිබේ.
කොහුවලදී යතුරු පැදියක් තාප්පයක ගැටීමෙන් සිදූවූ අනතුරකින් 16 හැවැරිදි තරුණයෙකු මියගොස් ඇත. අරලගංවිලදි යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියකරු මියගොස් ඇත.ගොකරැල්ලේදි යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් ගොකරැල්ල පොලිසියේ පොලිස් පරික්ෂකවරයෙකු මියගොස් ඇත.