කඩුගන්නාව, පිළිමතලාව ප්රදේශයේදී ඊයේ (17දා) සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 22ක් වූ හිමිනමක් අපවත්ව ඇතැයි පොලීසිය කියයි.
පිලිමතලාව දෙසට ධාවනය වු ත්රිරෝද රථයක් ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලංගම බස් රථයක ගැටි අනතුරක් සිදුව ඇත.
අනතුරෙන් ත්රිරෝ රථයේ රියදුරුද පිටුපස අසුනේ ගමන් කල හිමිනමක් හා තවත් දෙදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව හිමි නම අපවත්ව තිබේ.
අපවත් වූ හිමිනම වයස අවුරුදු 22 ක්වන රාජාංගනේ විමලධම්ම හිමි නම් වෙති.