(VIDEO) මතභේදයකට ලක්ව ඇති යතුරුපැදියක් හා අමාත්ය පාඨලී චම්පික රණවක මහතාගේ වාහනයේ ගැටීමෙන් සිදු වූ අනතුරට අදාළව සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කරන්නේ එම අවස්ථාවේදී වාහනයේ රියදුරු අසුරෙන් සිටියේ අමාත්ය පාඨලි චම්පික රණවක මහතා බවයි.
ඒ පිළිබඳව ඔවුහු පොලිස් මූලස්ථානයට ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළේය. සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් වශයෙන් සිය ජීවිතයට බලපෑමක් තිබෙන බවද ඔවුහු පවසති.
පැමිණිල්ල ඊයේ ඉදිරිපත් කළ අතර වැඩබලන ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති එස්.එම්. වික්රමසිංහ මහතා බස්නාහිර පළාත බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් වාර්තාවක්ද ඉල්ලා තිබේ.
එසේම ලිඛිත සාක්ෂි පූජිත් ජයසුන්දර මහතාට යොමුකරන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
ඩේලිමිරර් ඇසුරෙනි