ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 151වැනි ජන්ම සංවත්සර උළෙලේ සමාරම්භක මහෝත්සවය අද (14දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව 9.30ට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දී පැවැත්වේ.
සැප්තැම්බර් 17 වැනිදාට යෙදී තිබෙන ජන්ම සංවත්සර දින ජාතික උලෙළට සමගාමීව පැවැත්වෙන ගුණානුස්මරණ සතිය අදින් ආරම්භ වේ.
ලබන 21 වැනිදා දක්වා දිවයිනේ පාසල් විහාරස්ථාන මුල් කරගෙන විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ මෙහෙය වීමෙන් සමරු මුල්දින කවරයක් නිකුත් කිරීම, ගුණානුස්මරණ පෙරහර, 75 නමක් විෂයයෙහි සාංඝික දානමය පුණ්‍යකර්මය, ලේ දන්දීමේ කඳවුර, සෞඛ්‍ය කඳවුර ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.