අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායම චීනයට ගලාගෙන යන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
සිංහල අලුත් අවුරුදු සමයේදී වාර්තාගත ආදායමක් අධිවේගී මාර්ගවලින් ලැබුණ බවත්, පොදුවේ අධිවේගී මාර්ගවලින් ලැබෙන සියලුම ආදායම් මාර්ග සංවර්ධන අධිකාරියට ලැබෙන බවද අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා විශාල මුදලක් විදේශ රටවලින් ණය වශයෙන් ලබාගෙන තිබෙන නමුත්, එම ණය මුදල් මහා භාණ්ඩාගාරයෙන් ගෙවන බවද අමාත්‍යවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අධිවේගී මාර්ගවලින් ලැබෙන දෛනික ආදායම් ලංකා බැංකුවේ ගිණුම් හරහා මාර්ග සංවර්ධන අධිකාරියට ලබාගෙන අධිවේගී මාර්ග සංවර්ධනයටම යොදවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.