කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයයේ කඩවත සිට කොට්ටාව කොටසේ බියගම පිවිසුම වසාදමන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය පැවසීය. ජල ගැලීම් හේතුවෙන් වාහන ගමානාගමනයට බාධා එල්ල වීම මෙයට හේතුව වී ඇත. මේ හේතුවෙන් බියගමින් පිටවීමට අපේක්ෂා කරන වාහන අතුරුගිරිය අධිවේගී හුවමාරුව තුළින් පිටවීමට සලස්වා තිබේ.