අධිවේගයේ ගිලන් රථවලට නොමිලයේ යන්න ඇමති සංදේශයක්
ගිලන් රථ වලට ගාස්තු අය කිරීමකින් තොරව අධිවේගී මාර්ගයේ ගමන් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පුත්තලම මූලික රෝහලේ ඊයේ (07දා) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එම සාකච්ඡාවට එක්ව සිටි පුත්තලම රෝහලේ කාර්ය මණ්ඩලය පෙන්වා දූන්නේ හදිසි රෝගීන් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමේ දී ගිලන් රථ ධාවනයට අධිවේගී මාර්ගය භාවිත කරන බවයි. එහිදී අධිවේගී මාර්ග ගාස්තුව ගිලන් රථයේ ගමන් ගන්නා සෞඛ්‍ය සේවකයන්ට ගෙවීමට සිදූව ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.
ඒ පිළිබඳව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එය ජාතික ප්‍රතිපත්තියක් ලෙස සළකා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර අවසන් තීරණයක් ගන්නා බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
