කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුම් මාර්ගයට ආසන්නව මගීන් 41 ක් රැගෙන කටුනායක බලා ධාවනය වූ ලංගම බස්රථයක අද (13දා) දහවල් හදිසි ගින්නක් හටගෙන ඇත.
ගින්නෙන් එහි ගමන්ගත් මගීන්ට හානියක් සිදු වී නොමැති අතර, බස්රථයේ එන්ජිම ප්රදේශයේ ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි. ගින්නෙන් දැඩි හානි සිදු වූ බස්රථය ජා ඇල පොලීසියට ගෙන ආ අතර, ජා ඇල පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.
රක්මන් - කඳාන