දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය 68.9 කිලෝ මීටර් කණුව අසලදී කොට්ටාව දෙස සිට පින්නදූව දෙසට ධාවනය වෙමින් තිබූ ස්කෝපියෝ වර්ගයේ ජිප් රථයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇත.
අද (22දා) පාන්දර 01.50 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. සිද්ධිය සිදුවන අවස්ථාවේ ජිප් රථයේ 06 දෙනෙක් හා කුඩා ළමුන් දෙදෙනෙකු ගමන් කර ඇති නමුත් කිසිවෙකුටක් තුවාල සිදුවී නොමැති බව පොලිස් මූලස්තානය පවසයි.
ඇල්පිටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.