අයවැය යෝජනාවකට අනුව අධිවේගී මාර්ගවල ගමන්ගැනීම වෙනුවෙන් රථවාහනවලින් අයකරන මුදලින් රුපියල් 50ක මුදලක් ජනවාරි පළමු වැනිදා සිට අඩු කිරීමට රජය සැලසුම් කර තිබේ.
මේ අනුව දැනට ආරම්භක ස්ථානයේ සිට ගමන අවසන් කරන ස්ථානය දක්වා අයකරන මුදලින් රුපියල් 50ක මුදලක් ජනවාරි පළමු වැනිදා සිට අඩු කෙරෙන අතර, මෙම සහනය රාත්රී 09.00 සිට උදෑසන 5.00 දක්වා අධිවේගී මාර්ගවල ගමන්ගන්නා වාහනවලට පමණක් හිමිවේ.
ආසන්න වශයෙන් පැය 24ක කාලයක් තුළදී වාහන 40,000- 43,000ත් අතර ප්රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ එස්.ඕපනායක මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම වාහන ප්රමාණයෙන් තුනෙන් එකක් අදාළ කාලය තුළදී ධාවනය වන බවද ඔහු පවසා සිටියේය. දැනට රාත්රී 09.00 - උදෑසන 5.00අතර කාලය තුළදී වැඩිම වාහන ප්රමාණයක් ධාවනය කරනු ලබන්නේ කටුනායක අධිවේගී මාර්ගය හරහා බවද වාර්තාවේ.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවලින් රුපියල් 50ක් අඩුකිරීමට මෙවර අයවැය තුළින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබිණි.