අධිවේගී මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100 ක් වුවත් එම වේග සීමාව ඉක්මවා රථවාහන ධාවනය කිරීම නිසා එවැනි රථවාහන නීතියට හසුකර ගැනීමට ආරක්ෂිත කැමරා පද්ධතියක් අධිවේගී මාර්ගයේ ස්ථාපිත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම කැමරා පද්ධතිය මගින් පැයට කිලෝමීටර් 110 ඉක්මවන සියලුම රථවාහන හසුකර ගත හැකි බවත්, ඉන්පසුව ගමනාන්තය අවසන් කිරීමේදී ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.
දක්ෂින අධිවේගී මාර්ගය විවෘත වූ 2011 වසරේ නොවැම්බර් 27 වැනිදා සිට මේ දක්වා කාලය තුළදී රිය අනතුරු 999 ක් සිදුව තිබෙන බවත්, ඒ තුළින් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.