අධිවේගයට කොට්ටාවෙන් නැග්ගොත් 500 කඩුවෙලින් නැග්ගොත් 420
දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මගී ගමන් ගාස්තුව අරුම පුදුම ආකාරයේ ගමන් ගාස්තුවක් වී තිබේ. එනම්, කොට්ටාව-ගාල්ල අතර ධාවනය වන අධිසුඛෝපභෝගී බස්රථයක ගමන් ගාස්තුව රුපියල් 500ක් වනවිට පසුගියදා ජනතා අයිතියට පත් කළ කඩුවෙල කොට්ටාව මාර්ගය හරහා කඩුවෙල සිට ගාල්ල දක්වා ගමන් ගන්නා බස් රථයක් ගමන් ගාස්තුව රුපියල් 420ක් වී ඇත.
කොට්ටාව, ගාල්ල අතර දුර කිලෝමීටර් 100 ක් වන අතර, කඩුවෙල ගාල්ල අතර දුර කිලෝමීටර් 110 කි. මීට අමතරව ඉදිරියේදී ජනතා අයිතියට පත්වන ගාල්ල, මාතර අධිවේගී මාර්ගයේ බස් රථ ගමනාගමනය ආරම්භ වූ විට කඩුවෙල සිට මාතර දක්වා ගමන් ගාස්තු රුපියල් 500 ක් ලෙස තීරණය වී තිබේ.
කොට්ටාව, ගාල්ල අතර බස් ගාස්තුව තීරණය කර තිබෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව වන අතර, කඩුවෙල ගාල්ල, කඩුවෙල, මාතර ගමන් ගාස්තුව තීරණය කර තිබෙන්නේ ගමනාගමන මණ්ඩලය විසිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

