(UPDATE) පොලිස් සංවිධානාත්මක අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ ඇප මත නිදහස් කර තිබේ. එසේම උන්වහන්සේට එරෙහිව තවත් නඩුවක් විභාග වෙමිනි පවතියි.
ඥානසාර හිමි අත්අඩංගුවට
ප්රකාශකයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ ඒකකට වැඩම කළ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් එම ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිකඩදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. උන්වහන්සේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඥානසාර හිමි පොලිස් සංවිධානාත්මක අපරාධ ඒකකයට
ප්‍රකාශයක් ලබාදීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පොලීසියේ සංවිධානාත්මක අපරාධ ඒකකයට වැඩම කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් උන්වන්සේට එරෙහිව වරෙන්තු නිතුකර තිබුණි. පසුව අද දිනයේදී උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් වූ අතර එහිදී උන්වහන්සේ ඇප මත නිදහස් කෙරිණි. ඇප මත නිදහස් වීමෙන් පසුව ඥානසාර හිමියන් සංවිධානාත්මක අපරාධ ඒකකයට වැඩම කළහ.