ඉතා සූක්ෂම ලෙස මතුගම අධිකරණ සංකීර්ණය තුළට කුඩු ගෙන ඒමට උත්සාහ කළ බව පැවසෙන කාන්තාවක අද (25දා) අත්අඩංගුවට ගත් බව මතුගම පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බෙන්තොට ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් වන අතර එම සැකකාර කාන්තාව සන්තකයෙහි තිබී හෙරොයින් ග්රෑම් 15ක්ද අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
අධිකරණ භූමියෙහි සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරිනියක සැකකාරිය පරීක්ෂා කිරීමේදී සැකකටයුතු යමක් හසුවී පරීක්ෂා කිරීමේදී එම මත්කුඩු සොයාගෙන තිබේ.
දැනට බන්ධනාගාරගතව සිටින අනියම් සැමියාට ලබාදීම සඳහා අධිකරණ සංකීර්ණයට මත්කුඩු රැගෙන ගොස් ඇතැයි සැකකාරියගෙන් කළ ප්රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබේ.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මතුගම වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
මතුගම - බන්දු තඹවිට