යාපනය, අධිකරණ සංකීර්ණයට අලාභහානි කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 18 දෙනාගෙන් දෙදෙනෙකුට ඇප ලබාදීමට යාපනය මහේස්ත්‍රාත් පි.ශිවකුමාර් මහතා ඊයේ (06දා) නියෝග කරනු ලැබීය. .
දූෂණය කර මරා දැමුණු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ මරණයට වගකිව යුතු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස යාපනය නගරයේ පසුගිය මැයි මස 20දා පැවැති විරෝධතාවයක් අතරතුර අදාළ පිරිස යාපනය අධිකරණය සංකීර්ණයට අලාභහානි සිදු කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිණ.
සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 130ක් අත්අඩංගුවට ගත් අතර අදාළ පිරිසට අවස්ථා ගණනාවකදි ඇප ලබාදුන්නේය. සිදුවීම සමබන්ධයෙන් අත්අඩංගුවේ පසුවන අනෙකුත් පුද්ගලයින් 16 දෙනා එළැඹෙන 20 දා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.