ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය තුළ තිබී හමුවූ ගිනි අවි දෙක රැගෙන ඒමේ සිදුවීම සැලසුම් කළ ප්රධාන සැකකරු ඊයේ (02දා) දින පොලීසිය වෙත භාරවූ බව ගල්කිස්ස පොලීසිය සඳහන් කරයි.
මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ගල්කිස්ස පොලීසිය අධිකරණ භූමියේ රැඳී සිටී පුද්ගලයන් 20ක් සැකපිට අත්අඩංගුවට ගත් අතර ඒ අනුව සිදුකරන ලද විමර්ශන වලදී හඳුනාගත් මෙහි ප්රධාන සැකකරු ලෙස දොන් සාලු රොෂාන් ඉන්දික ද සිල්වා නොහොත් රෝසා ඊයේ දින නීතීඥයෙකු මාර්ගයෙන් ගල්කිස්ස පොලීසියට භාර වූ බව පොලීසිය පවසයි.
සිදුවීම වූ දින බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කළ ගොනා කෝවිලේ රොහා නැමැති අපරාධ කල්ලි නායකයාට විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයෙකු ලෙස විමර්ශනවලදී හෙළි වූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
ගල්කිස්ස පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.