අධිකරණ නියෝග නොතකා කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් කළැයි හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු සන්ධානයේ 27 දෙනකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතීසි නිකුත් කළේය. ඔවුන්ට මැයි 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින්න ලෙසද නියෝග කළේය..
මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මැදගොඩ අභයතිස්ස,බෙංගමුවේ නාලක ,ගලගොඩ අත්තේ ඥානසාර ,විතාරන්දෙණියේනන්ද ,අහුංගල්ලේ ජිනාන්නද ,බියගම සුසිල,වටිනාපහ සෝමානන්ද ,ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිවරුද , ඩලස් අලහප්පෙරුම,ජනක ප්‍රියන්ත බණ්ඩාර, සරත් වීරසේකර,රොෂාන් රණසිංහ,ජයන්ත කැටගොඩ,උදිත ලොකුබණ්ඩාර,ගාමිණි ලොකුගේ ,බන්ධුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රෙස්න ,වීර කුමාර දිසානායක යන මන්ත්‍රීවරු ද ,බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග, පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල හා රොජර් සෙනවිරත්න,ජනක් කුමාර,සුනිල් ජයමිණි,උපාලි කොඩිකාර,මධුමාධව අරවින්ද ,අජන්ත ලියනගේ ට මෙලෙස නොතීසි නිකුත් කරන තිබේ.