අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව විවේචනය කළ හැකි බව නියෝජ්‍ය, නීතිඥ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය. එසේ වුවත් එය කළ යුතු වන්නේ නිශ්චිත කරුණු හා සාක්ෂි ඇතිව බවත් ඔහු පැවැසීය.
අධිකරණය විවේචනය කළ හැකි ආකාරය පිළිබඳව රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතාගෙන් ඉගෙන ගත් හැකි බවත් ඔහු පැවැසීය.
කරුණු නොමැතිව අධිකරණය විවේචනය කළ හොත් එය ගැටලුවක් ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.