අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි මහජනතාවගේ පහසුව පිණිස මහජන දින 02 ක් පැවැත්වීමට තීරණය කර තිබේ.
මේ අනුව අධිකරණයට අදාළ ගැටලු සහිත ජනතාව වෙනුවෙන් සෑම බදාදා දිනකම පෙ.ව. 09.00 සිට 2.00 දක්වා වෙන්කර තිබෙන අතර, බුද්ධ ශාසන ගැටලු විසඳීම සඳහා අඟහරුවාදා උදේ 9.00 සිට ප.ව. 1.00 දක්වා වෙන් කර ඇත.