අධිකරණ ක්ෂේත්රයේ පත්කිරීම් සිදුකිරිමේදි කිසිදු අවස්ථාවක තම පුද්ගලික අභිමතය පරිදි තීන්දු තීරණ ගෙන නොමැති බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කරයි.එසේම පසුගියදා චෝදනා එල්ල වූ මහාධිකරණ පත්විම සිදුකරනු ලැබුවේ ශ්රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීම පරිදි බවත් ජනපතිවරයා සඳහන් කළේය.
අද (15දා) කොළඹ ගාලුමුවදොර හෝටලයේ පැවැති 2017 ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව ප්රකාශ කළේය.
පත්කිරිම සිදු කරන ලද්දේ අධිකරණ ක්ෂේත්රයේ ප්රධාන ආයතන වල නිරීක්ෂණයට ඉදිරිපත් කර අනුමැතිය ලැබිමෙන් පසුව බවත්, අධිකරණ ක්ෂේත්රයේ කටයුතු ඉතාමත්ම පිරිසිදුව, විනිවිදභාවයෙන් සිදුවිය යුතු බවට තමන් ස්ථාවරත්වයේ සිටින බවත් ජනපතිවරයා සඳහන් කළේය.