අධිකරණය විසින් නිකුත් කර තිබූ නියෝගයක් නොතකමින් අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා පැවැත් වූ හිටපු හා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනෙකුට හා භික්ෂූන් වහන්සේලා 8කට එරෙහිව පවතින නඩුව නැවතත් දෙසැම්බර් මස 14දා තෙක් විභාගයට ගැනිම කල්දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටයි මහතා නියෝග කළේය. නඩුව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා කාලය අවශ්‍ය බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැන්වීය.