ශ්‍රී ලංකාවේ අධිකරණමය කටයුතු සහ විමර්ශනය කිරීමේ කටයුතු පිළිගත හැකි ආකාරයට සකස් කිරීම යුගයේ අවශ්‍යතාවක් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පැවසීය.
ජිනීවා යෝජනාවලියෙන් පසු යන මාතෘකාව යටතේ ඊයේ (12දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීය.
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දෙමුහුන් අධිකරණයක් ක්‍රියාත්මක නොවන මුත් එවැනි දෙමුහුන් අධිකරණයක් ක්‍රියාත්මක වූවා නම් තමන් සතුටු වන බව වැලිඅමුණ මහතා පැවසීය. දෙමුහුන් අධිකරණ ලංකාවට අලුත් දෙයක් නොවන බවත්, ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමය විශාල ලෙස වෙනස් විය යුතුයැයි තමා විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.
“අපේ අධිකරණ ක්‍රමය සෑහෙන්න වෙනස් වෙන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. මේ අධිකරණ ක්‍රමය තුළ මිනිස්සුන්ට යුක්තිය ලැබෙනවාද? ඒ පිළිබඳ අඩුම ගානේ නීතිඥවරුන්ගෙ විශ්වාසයක් තිබෙනවාද? දෙමුහුන් අධිකරණ ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා. දෙමුහුන් විමර්ශන ලංකාවේ ඕනෑ තරම් තිබෙනවා. ලංකාවේ අධිකරණමය සහ විමර්ශන කිරීමේ කටයුතු පිළිබඳව අපිට පිළිගන්න පුළුවන් ආකාරයට සකස්කර ගත යුතුයි. මේක ජාත්‍යන්තරයේ ගැටලුවක් නෙවෙයි ලංකාවේ ගැටලුවක්. ලංකාවේ පද්ධති විමර්ශනය සිදුනොවීම මානව හිමිකම් සම්බන්ධ ප්‍රශ්නයකදී බරපතළ ගැලුවක්. අපිට විමර්ශනය කරන්න පුළුවන්. නමුත් ඒ ක්‍රම‘වේදයේ ප්‍රශ්නයි තිබෙන්නේ* යැයි වැලිඅමුණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු නියෝජය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ, ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය පිළිබඳව හරි ලෙස අධ්‍යයනය නොකරන පුද්ගලයන් ඒ පිළිබඳව වැරදි මතයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන බවයි.
විශේෂයෙන් සිංහල දෙමළ අන්තවාදීන් මෙලෙස ක්‍රියාකළද ලක් රජය බාරගත් මෙම අභියෝගය ලංකාවේ සියලුම පුරවැසියන් සමග එක්ව ඉටුකරන බවද අමාත්‍යවරයා පැවසීය.
“ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, නිදහස, සමගිය සහ භෞතික අඛණ්ඩතාව කෙරෙහි ඇපකැප වෙන බව ප්‍රතිඥා දෙමින් කියා සඳහන් කරමින් තමයි මේ යෝජනාව පටන් ගත්තේ. කවුරුහරි කියනවා නම් මේ යෝජනාවෙන් රට බෙදෙනවා කියල මේ යෝජනාව හරියට කියවලා නැති කෙනෙක් තමයි එහෙම කියන්නේ. සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේ සහයෝගය ඇතිව අපි බාරගත්ත වැඩපිළිවෙළ ඉදිරියට අරගෙන යනවා* යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.