පවතින අධික නියං තත්ත්වය හා රෝග කාරක තත්ත්වයන් හේතුවෙන් මාතලේ දිස්ත්රික්කයේ එළවළු වගාවන් රැසක් විනාශ වීමෙ අවදානමක් පවතින බව ගොවීහු පවසති.
මූලික බිම සැකසීමේ සිට එල හටගන්නා අවස්ථාව දක්වා විවිධ අගහිඟකම් මැද වගා කටයුතු සිදුකළ ගොවීහු රැසක් සිය වගා වීනාශ වීම් හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇතැයි ඔවුහු සඳහන් කරති.
නාඋල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්රදේශ රැසක හා ඇලහැර, බකමූන ආදී ප්රදේශවලද එළවළු වගාවන්වලට හානි සිදුව ඇති බවත්, ඇතැම් වගාවන්වලට වෛරස් රෝග පවා වැලඳීඇති බවත් ගොවීහු පවසති.
නාඋල - ඉන්දික අරුණ කුමාර